Thursday, April 10, 2014

දුටිමි සොහොයුර සිනාසෙන නුඹ දෑස

දිනා ලෝ කුසලාන
හරසරින් පැමිණෙන
වීරයන් දැකගතිමි
හරි තුටින් ආඩම්බරෙන්
මග දෙපස සිට මම

ඒ තැනින් ටිකක් නුදුරේ
දුටිමි සොහොයුර සිනාසෙන නුඹ දෑස
දිනූ මුලු ලක්දිවම පුදා
ලේ . . . මස් . . .නහර
පැවසුවා ලද ජය නිසා උදම් වී හිටි මට
එක දෙයක් යලිත් මට මාගෙන්ම විමසන්න
මෙලෙසින්

"කවුරුදැයි ගෙනගියේ නුඹ

පෙරහරින් පෙළහරින් විසිතුරුව

දිනූ දින නුඹ අපේ මේ මහා දේශයම!"

"ගයාන් නිශා,  සියළු ජයකෙළි මැද
කාටවත් නොහිතුනු උඹේ  රන් සිතුවිල්ල මේ!"

4 comments:

  1. මලයා සමාජ යථාර්ථය දකින්න ලැබෙන මේ කවි මසුරං වටිනවා. ඇත්තටම අපි කව්ද...?

    ReplyDelete
  2. මේලෙසින් එක දෙයක් යලිත් අපට අපගෙන්ම විමසන්න
    නේද?

    ReplyDelete
  3. පපුව පිච්චෙනව බං.

    ReplyDelete